නවතම පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ සම්පූර්ණයෙන්ම ඩිජිටල් වෙයි

අසංක

අසංක

කොළඹ කොටස් වෙළඳපොළ මේ වනවිට සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කර අවසන්ව ඇති බව සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව සඳහන් කර සිටී.

ඒ අනුව ලබන සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල් තාක්ෂනය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ඒ බව අද දින අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දීමටද එම සභාව පියවර ගෙන ඇත.

සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න හා අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් අග්‍රාමාත්‍යවරයා හමු වී ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු අඩපණ වුවද, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණ වූ කොටස් වෙළඳපොළ ක්‍රියාවලිය නව මුහුණුවරකින් ලොවට පියනැඟීමක් බවය.

නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් යටතේ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ආරම්භ වී තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා