පැතුම් වික්‍රමරත්න
චීනය ඉතා මෘග අකාරයේ ණය උපක්‍රම ශ්‍රී ලංකාව මත යොදා ඇති බව ඇමෙරිකාව චෝදනා කර සිටී.
මෙම ණය උපක්‍රම හේතුවෙන් ශ්‍රී ලංකා ණය උගුලක සිරවන බවද ඇමෙරිකානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජෝසෆ් ඩන්ෆෝර්ඩ් මහතා අවධාරණය කර ඇත.
මෙම උපක්‍රම හරහා ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් රැසක ප්‍රධාන වරායන්හි පාලනය අත්පත් කරගැනීමට චීනය කටයුතු යොදා ඇති බවද ඇමරිකානු ජෙනරාල් වරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර ඇත.
මෙම තත්වය ඇමෙරිකාවේ ආරක්ෂක අංශ වෙතද විශාල බලපෑමක් සිදුකරනු ඇති බවද ජෙනරාල්වරයා මෙහිදී සඳහන් කර ඇත.