ලංකාවේ ඉඩම් ඔප්පුවලින් බාගයක්ම බොරු ඒවා

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ඉඩම් ඔප්පුවලින් 45%කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ලේඛන බව අනාවරණය වී ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ,උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතික ආදී සහතිකවලින් සියයට 25ක්ම ව්‍යාජ සහතික වනබවත් දැනට හෙළිදරව් වී ඇති බව රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මේ හේතුවෙන් නීති ගැටළු රැසක් මතුව ඇති බවද රෙජිස්ටාර් ජෙනරාල් එන්. සී. විතානගේ මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ අනුව නූතන තාක්ෂණය භාවිත කරමින් සියලු ඉඩම් හා උප්පැන්න සහතික තොරතුරු පරිගණකගත කිරීමට මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බව ද රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එසේම මේ වසරේ සිට ක්‍රියාත්මක නව ක්‍රමවේදයන් ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ තොරතුරු පරිගණකගත දත්ත බවට පත් කරනු ලබන බව දෙපාරතමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.