නවතම පුවත්

සූඩානය පාලනය කළ ෂරියා නීතිය ඉවතට

අසංක

අසංක

උතුරු අප්‍රිකානු රටක් වන සූඩානය වසර 30 ක ඉස්ලාමීය පාලනය අවසන් කරමින් එරට සංක්‍රාන්ති රජය විසින් ෂරියා නිතිය ඉවත් කිරීමට එකඟ වෙයි.

ඒ අනුව සූඩානය ඉදිරියට ආගමානුකූල නීතියකින් පාලනය නොවන රාජ්‍යයක් බවට පත්වේ.

සුඩානයේ අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් සහ සුඩාන් ජනතා විමුක්ති ව්‍යාපාරයේ-උතුරු කැරලිකාර කණ්ඩායමේ නායක අබ්දෙල් අසීස් අල්-හිලූ එරට අගනුවරදී ඒ පිළිබඳ ප්‍රකාශයට අත්සන් කළහ.

“සුඩානය සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්වීමට නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් විය යුත්තේ ‘ආගම සහ රාජ්‍යය වෙන් කිරීම’ යන මූලධර්මය මත ය. එසේ නොමැති නම් ස්වයං නිර්ණ අයිතියට ගරු කළ යුතුය.” ලේඛනයේ සඳහන් වේ.

නෙරපා හරින ලද ඒකාධිපති පාලක ඕමාර් අල් බෂීර් යටතේ ඩාර්ෆූර් සහ සුඩානයේ අනෙකුත් ප්‍රදේශ විනාශ කළ සටන් අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ කැරලිකාර හමුදා සමඟ රජය සාම ගිවිසුමක් ආරම්භ කිරීමෙන් සතියකටත් අඩු කාලයකට පසුව මෙම ගිවිසුම පැමිණීම විශේෂත්වයකි.

දේශසීමා ප්‍රාන්තවල සුඩාන හමුදා සමඟ සටන් කළ උතුරේ සුඩාන් ජනතා විමුක්ති ව්‍යාපාරයේ කොටස් දෙකෙන් බහුතරය, ආගමික හෝ අනාගමික නොවන මධ්‍යස්ථ පාලන ක්‍රම සහතික නොකරන කිසිදු ගිවිසුමකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

1989 දී බෂීර් බලය අල්ලා ගත් විගස ආරම්භ වූ ජාත්‍යන්තර හුදකලාවෙන් සුඩානය ඉස්මතු විය.

දැඩිව ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කරමින් රට “ඉස්ලාමීය ලෝකයේ පෙරටු බලඇණිය” බවට පත් කිරීමට ඔහු උත්සාහ කළේය.

අල්කයිඩා සහ කාලෝස් ජැකල් එහි පදිංචි වූයෙන් එක්සත් ජනපදය 1993 දී සුඩානය ත්‍රස්ත අනුග්‍රාහකයෙකු ලෙස නම් කළ අතර පසුව 2017 දක්වා සම්බාධක පැනවිණ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා