දම්පත් රණසිංහ
කොස්ගොඩ සුජී සමග සංවිධානාත්මක අපරාධ සිදුකළ කෙනඩි නොහොත් බුම්මා නමැත්තා ඉන්දියාවට පැනගොස් තිබේ.
පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ඊයේ ජාඇල ප්‍රදේශයේ ඔහු කුලී පදනම මත ලබාගෙන සිටි, මත්කුඩු තොගයක් හා අවි ආයුධ රැසක් හමුවූ නිවස පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වැටලූ අවස්ථාවේදී ඔහු පැනගිය පසුව අද වනවිට ඉන්දියාවට පැනගොස් ඇති බවයි.
එම ස්ථානයේ තිබී විවිධ වර්ගයේ මත්කුඩු කිලෝ ගණනක් හමුවූ අතර අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය රැසක් ද අත්අඩංගුවට ගැනිණ.
මොහු පසුගිය වසරේදී ක්‍රිෂ්ණපිල්ලෙයි මන්ත්‍රීවරයා ඝාතනය කළ සිද්ධියට අදාළ හෙල්මට් එකක් සහ තවත් උපකරණ කිහිපයක් ද එහි තිබී ඊයේ හමුවී ඇත.