ජපානය වැනසූ හයිශෙන් දකුණු කොරියාවට

Picture of අසංක

අසංක

ජපානයට දැඩිව බලපෑම් එල්ල කළ හයිෂෙන් සුළි කුණාටුව මේවනවිට දකුණු කොරියාවට කඩා වදිමින් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

දකුණු කොරියාවේ බුසාන් වරාය නගරයට දකුණු දෙසින් හයිෂෙන් සුළි කුණාටුව රට තුළට ඇතුළුවී ඇති බවද එම වාර්තාවල දැක්වේ.

අයහපත් කාලගුණය හමුවේ ගුවන් තොටුපළ 10 කින් පමණ සිදුකිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 300 ක් පමණ අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

දුම්රිය ගමන් වාර රැසක් ද මේවනවිටත් අත්හිටුවා ඇති බව වාර්තාවේ.

මේ අතර සුළි කුණාටුවේ බලපෑම හමුවේ දකුණු කොරියාවේ නිවාස ඇතුළු ස්ථාන 5000 ක පමණ විදුලි සැපයුම බිඳවැටී ඇති බවද වාර්තාවේ.