ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වන යෝජනාවක් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත .
. එම යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම ඒකමතිකව සම්මත කර ඇති බවද වාර්තා වේ
ඒ අනුව ඉදිරියේදී මෙම යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කර ගැනීම සිදු කෙරෙනු ඇත.
.ඒ අනුව ලංකාවේ ගවයන් නොමරා ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බවද වාර්තා වේ.