ඉන්දු – චීන දේශසීමාවේ නැවත වරක් නොසන්සුකාරී වාතාවරණයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
ඒ අනුව ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි චීනයේ පෑන්ගොං විල අසල ඉන්දීය හමුදා විසින් පසුගිය දෙදින තුල අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කර තිබේන බව වාර්තාවේ.
කෙසේ වෙතත්පසුගිය සති දෙක තුළ දෙවරක් චීන හමුදා ලඩාක්හි පෑන්ගොං විල අසල කලහාකාරී ලෙස හැසිරුනු බවට ඉන්දීය ආරක්ෂක අංශද චෝදනා නගා ඇත.
මේ අතර චීන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ , ඉන්දීය ප්‍රහාරය කුමක් සදහා වූ ප්‍රතිප්‍රහාරයක්ද යන්න තවමත් නිශ්චිතව හඳුනා ගත නොහැකි වූ බවය
ඉන්දීය හමුදා, දේශ සීමාවන් උල්ලංඝණය කොට පෑන්ගොං විලේ දකුණු ඉවුරට සහ ෂෙන්පාවෝ කඳුකර ප්‍රදේශයට ඇතුළු වී ඇති බව මහජන විමුක්ති හමුදාවේ ප්‍රකාශකයකු ඊයේ සඳහන් කර ඇත