නවතම පුවත්

මෙරට වෛද්‍ය සභාවේ අනුමත ලයිස්තුවෙන් රුසියානු සරසවි 3ක් ඉවතට

අසංක

අසංක

මෙරට සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින්අ නුමත ලේඛනයෙන් ඉවත් කිරීම හේතුවෙන් මෙරට උසස් පෙළ විභාගවලින් ඉහලම සුදුසුකම් ලබාසිටින සිසු සිසුවියන් 40කට මේ වසරේ රුසියානු ශිෂ්‍යත්ව අහිමිවීමේ තත්වයක් මතුව ඇති බව වාර්තාවේ.

මෙසේ අනුමත ලේඛනයෙන් ඉවත්කර ඇති විශ්වවිද්‍යාල අතර මෙරට සුප්‍රසිද්ධ පුද්ගලයින් රැසකම ඉගෙනුම ලැබූ ලුමුම්බා (lumumba ) සරසවියද වේ .

එම විශ්වවිද්‍යාලය වර්තමානයේ හැඳින්වෙන්නේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය (Peoples’ Friendship University of Russia) නමින වන අතර ලෝක ශ්‍රේණිගත ලේඛනයේ 392 වැනි ස්ථානයේ මෙම විශ්වවිද්‍යාලය පවතී.

2020 ජුනි 26 වන දින පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභා රැස්වීමේදී මෙතෙක් අනුමැතිය ලබාදුන් විදේශීය වෛද්‍ය විද්‍යාල නාමාවලියෙන් පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙන රුසියානු විශ්වවිද්‍යාල සියල්ල ඉවත් කර ඇති හෙයින් මේ වර්ෂය සඳහා ද ඉන්පසුව ද ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වෛද්‍ය ශිෂ්‍යත්ව සියල්ල අහිමි වෙමින් ඇති බව වාර්තාවේ

මොස්කව් හි අතිශයින් ජනප්‍රිය,Pirogov Russian National Research Medical University සහ Tver State Medical University යන විශ්වවිද්‍යාල දෙක ද වෛද්‍ය සභාව විසින් මෙසේ අනුමත ලේඛනයෙන් ඉවත්කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා