කොරෝනා මඬින ඔක්ස්ෆර්ඩ් එන්නතේ පරීක්ෂණ නවතී

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය සඳහා එන්නත සොයා ගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ AstraZeneca ආයතනය විසින් සිදුකළ පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.

සායනික පරික්ෂාව සඳහා සහභාගිවූ බ්‍රිතාන්‍යය පුද්ගලයෙකුට එම එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකුලතාවයන් හේතුවෙන් මෙසේ එම පර්යේෂණ තාවකාලිකව නවතා ඇත.

ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ AstraZeneca ආයතනය එක්ව පරීක්ෂණ සිදුකෙරෙන මෙම එන්නත, කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගැනීමේ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම ඇති එන්නතකි .

මේ වන විට මෙම එන්නතේ තුන්වන සායනික පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති අතර ඒ සඳහා පුද්ගලයින් 30,000ක් එක්ව තිබේ .