මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට තුල පුද්ගලයන් 779 දෙනෙක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. ඉන් 635 ක් පිරිමි පුද්ගලයන් වන අතර සියදිවි නසාගෙන ඇති කාන්තාවන් ප්‍රමාණය 144 ක්වේ.
ඊයේ (10) දිනයට යෙදී තිබූ සියදිවි නසා ගැනීම් වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය පැවැත්වූ වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය විය
පළමු මාස තුන තුළදී වියපත් ජනගහනය අතර සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇති අතර එම කාලය තුළ එසේ මියගිය වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයන් ප්‍රමාණය 80 කි. මීට අමතරව වයස අවුරුදු 08 – 10 අතර දරුවන් 19 දෙනෙක්ද සියදිවි සනාගෙන තිබෙ.
පසුගිය වසර තුළ සිදු වූ සමස්ත සියදිව හානි කර ගැනීම් ප්‍රමාණය 3135 ක් වන අතර ඉන් 2489 ක් පිරිමි පුද්ගලයන් වේ. පසුගිය වසර තුළදී කාන්තාවන් 646 දිවි නසාගෙන ඇති අතර ඔවුන්ගෙන් 486 දෙනෙකුටම එවැනි ඉරණමක් අත්ව ඇත්තේ සිය ස්වාමියාගෙන් සිදුවන හිංසා පීඩා ඇතුළු ගෘහස්ත ප්රචණ්ඩත්වයයි.