නවතම පුවත්

එජාප නායකත්වය ගැන බලාපොරොත්තුව හෙටත්

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා තෝරාගැනීම හෙට දින සිරිකොතේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්,වජිර අබේවර්ධන, දයා ගමගේ,නවීන් දිසානායක,රුවන් විජේවර්ධන,අර්ජුන රණතුංග යන කිහිප දෙනෙක්ම එජාප නව නායකත්වය භාර ගැනීම සඳහා සූදානමින් පසුවන බවද වාර්තාවේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැංවීම සඳහා තමන් සූදානම් අතර එජාප නායකත්වය භාරගැනීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතාද කැමැත්ත පළ කර තිබුණි.

එහෙත් එම සියලු යෝජනා අභිබවා රුවන් විජේවර්ධන මහතා එජාප නායකත්වයට පත් කිරීමට වත්මන් නායකත්වය විසින් සූදානමින් පසුවන බවටද වාර්තා පළවේ.

නව නායකයා පත්කර ගැනීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් හිමි එකම මන්ත්‍රීධූරය සඳහා නම් කිරීම සිදුකරනු ඇති බවද දැනගන්නට ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා