නවතම පුවත්

ඊශ්‍රායලයට යළි නිරෝධායන නීති පැනවේ

අසංක

අසංක

කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඊශ‍්‍රායලයට යළිත් වරක් නිරෝධායන රෙගුලාසි පැනවීමට එරට රජය තීරණය කර ඇත

ඒ අනුව ලබන 18 වැනිදා සිට ඉදිරි සති තුනක කාලය, ඊශ‍්‍රායලයට නිරෝධායන සීමාවන් පැනවෙනු ඇත.

පසුගිය සතිවල 3,000 ක් ලෙස වාර්තා වූ එරට දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 4,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින්, යුදෙව් ජාතිකයින් ඇතුළු ඊශ‍්‍රායලයේ වෙසෙන සියළුදෙනා මෙම කැප කිරීම සිදු කළ යුතු බව එරට රජය අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, යුදෙව් ජාතිකයින්ගේ ආගමික උත්සව පැවැත්වීමට නව නිරෝධායන රෙගුලාසි බාධාවක් නොවන බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවුලේ සාමාජිකයින්ට එක්ව උත්සව පැවැත්විය හැකි බවත්, අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත

පසුගිය මාර්තු මාසයේදී ඊශ‍්‍රායලයට මුල් වරට පැනවුණු නිරෝධායන රෙගුලාසි මැයි මස මුලදී ඉවත් කෙරුණ ද, කොරෝනා ව්‍යාප්තියේ යළි නැගී ඒම හේතුවෙන් මෙලෙස නැවත වරක් නිරෝධායන රෙගුලාසි පැනවීමට එරට රජය තීරණය කර ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා