ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් විශේෂ කමිටුවක් පත්කර ඇත .
වෛද්‍ය සභාවේ ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති අතර වෛද්‍ය සභාව ස්වාධීනව කටයුතු නොකරන බවටද චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් මෙසේ අධීක්ෂණ කමිටුවක් පත්කර ඇති බව වාර්තාවේ .
රුසියාවේ වෛද්‍ය උපාධි ලබාදෙන ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පිළිගත් ලේඛනයෙන් ඉවත් කිරීමට පසුගියදා වෛද්‍ය සභාව තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. ඉන්පසු වෛද්‍ය සභාව ප්‍රකාශ කළේ එය අත්වැරැද්දක් මත සිදු වූ දෙයක් බවයි.
මෙම කමිටුව සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත බවයි වාර්තා වේ.