මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී වට්ටම් ලබා දීමට රජය සැලසුම් කර ඇත.
මීට අදාළ යෝජනාව සදහා කැබිනට් අනුමැතිය හිමි ව ඇති අතර ඊට අදාළ සාකච්ඡාද මේ වනවිට ආරම්භවී ඇත .
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සදහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවන අතර ඉන් 20% පමණ මත්තල ගුවන් තොටුපළ ආශ්රිත දිස්ත්‍රික්ක 09 කින් පිටත්ව යන බව අධ්‍යනයකින් හෙළි වී තිබේ .
එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුණේ, මඩකලපුව යන දිස්ත්‍රික්කයි.