නවතම පුවත්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් වෙයි – පළමුවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක්

අසංක

අසංක

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක් පත් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව දැනට පොලිස් සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 11 දෙනා අතර සිටින නොකැලැල් සේවා කාලයක් සපුරා ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිගේ නම කොමිසමට ඉදිරිපත්කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට ජාතික පොලිස් කොමිසම දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරිනියක් මෙතෙක් නියෝජ්‍ය පොලිස්පතිධුරය හොබවා නැත.

ශ්‍රී ලංකා පොලිස් ඉතාහාසයේ පළමු පොලිස් සැරයන්වරියත් උප පොලිස් පරීක්ෂකවරියත්, පොලිස් පරීක්ෂකවරයාත් , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාත්, සහකාර පොලිස් අධිකාරීවරයාත්, පොලිස් අධීකාරීවරයාත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරියත් වන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියයි.

ඇගෙන් පසු නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වීමට සුදුසුකම් ලබා සිටින කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරියන් 11 දෙනා අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරිනිය වන්නේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂකවරිය ලෙස සේවයේ නිරතව සිටින බිම්සානි ජයසිංහ ආරච්චි මහත්මියයි.

බිමිසානි මහත්මිය 1997 වර්ෂයේ පෙබරවාරි 04 වෙනිදා උප පොලිස් පරීක්ෂවරියක් ලෙස පොලිස් සේවයට එක්ව 2017 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරීවරියක් ලෙස ක්‍රමිකව උසස් වීම් ලැබූ නිලධාරිනියකි. ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේද පොලිස් විද්‍යාලයේද, පරීක්ෂණ හා පුනරීක්ෂණ කොට්ඨාශයේද සේවය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්