නවතම පුවත්

අලුත් පාර්ලිමේන්තුවේ පළමු කෝප් කමිටු රැස්වීම ලබන සතියේ

අසංක

අසංක

නව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු රැස්වීම ලබන 22 දා පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය .

‍එහිදී කාරකසභාවල සාමාජික මන්ත්‍රීවරුන් අතරින් සභාපතිවරයා තෝරා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව කාරක සභා හමුවට කැඳවනු ලබන රාජ්‍ය ආයතන තීරණය කිරීම සිදු කරන බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සාමාජික මන්ත්‍රීවරුන් 22 කුගෙන් සමන්විත ය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත රාජ්‍ය සංස්ථාවල සහ රජය යටතේ ඇති වෙනත් ව්‍යාපාරවල මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ බලය හිමිව තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි