නවතම පුවත්

පොලිස් ලොක්කෝ රැසකට මාරුවීම්

අසංක

අසංක

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව්දෙනෙකු ඇතුළු ඉහළ පොලිස් ඉහල පොලිස් නිලධාරීන් ගණනාවකට ස්ථාන මාරු ලබා දීමට වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා කළ ඉල්ලීමට ජාතික පොලිස් කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා උතුරු පළාතටත්, සබරගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මධ්‍යම පළාත් භාරවත් පත් කිරීමට තීරණය කර ඇත.

උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති M.A. මුණසිංහ මහතා ඊයේ විශ්‍රාම ගියේය. එහෙත් ඔහුට සේවා දිගුවක් ලබා දෙමින් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාස කිහිපයක් සඳහා පත් කිරීමට නියමිතව තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා ද මෙම ස්ථාන මාරුවලට ලක්වීමට ඉඩ තිබෙන බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්