චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය යෙදවුම් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර ඇත
ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පූර්ණ එකගත්වය මත හෙට සිට අමෙරිකාව තුළ ටික් ටොක් සහ වී චැට් භාවිතය තහනම් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත
එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද නොහැකි වනු ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවය. එසේම ඒවා හරහා චීනය වෙතට තොරතුරු ගලා යෑමක් සිදුවන බව ද අමෙරිකානු රජයේ මතය වී ඇත.