අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නමට එවූ රයිසින් නැමති විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක් ධවල මන්දිරයේ ලිපි පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානයේදී සොයා ගෙන ඇත
ඒ සම්බන්ධයෙන් එරට රහස් ඔත්තු සේවා මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තාවේ
මෙම සිද්ධියෙන් පසුව ජනපති ට්‍රම්ප් ගේ ආරක්ෂාවද තවදුරටත් දැඩි කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර සිටී
2014 වසරේදී අමෙරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට ද මෙවැනිම ආකාරයේ විෂ ද්‍රව්‍ය අඩංගු ලිපියක් ලැබී තිබුණි.