නව ආයෝජන වලට අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප‍්‍රමුඛතාව

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප‍්‍රමුඛතාව ලබාදීමට රජය තීරණය කර ඇත
එමෙන්ම ඖෂධ නිෂ්පාදනය සඳහා මෙරට සිදු කෙරෙන ආයෝජකයන්ට විශේෂ සහන ලබාදීමටද රජය සැලසුම් කර ඇත

මේ වනවිට රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා වාර්ෂිකව වැය වන මුදල රුපියල් බිලියන 130ක් වන අතර . එය රට තුල ඉතිරි කර ගැනීම රජයේ අපේක්‍ෂාව බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය .මෙරට ඉදිකෙරෙන පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කොග්ගල අපනයන සැකසුම් කලාපයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මෙම අදහස් පළ කළේය .

දියවැඩියාව සඳහා ලබාදෙන ඉන්සියූලීන් ඖෂධය ඇතුළු තවත් ඖෂධ 33ක් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකිරීම් ඇරඹුණු මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු වසර දෙකක් තුල සිදු කිරීමට නියමිතය