නවතම පුවත්

පොල් ගෙඩියේ සයිස් එක මනින්නත් ක්‍රමවේදයක් එයි

අසංක

අසංක

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති පොල් ගෙඩිවල වට ප්‍රමාණය නිවැරදිව මැන ගැනීමට පාරිභෝගික අධිකාරිය නව ක්‍රමයක් හඳුන්වා දෙයි.

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව පොල් මිල ගණන් නියම කිරීම ඊට හේතුවයි.

පොල් ගෙඩියක වට ප්‍රමාණය සැලකිල්ලට ගෙන උපරිම මිලක් නියම කරනු ලැබුවේ පාරිභෝගික ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා බැවින් එය හාස්‍යයට ලක් නොකරන ලෙස ද පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

වට ප්‍රමාණය අනුව පොල් වර්ග කළ යුත්තේ පාරිභෝගිකයන් නොව, වෙළෙන්දන් විසින් බව එම අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල දක්වමින් පසුගිය සිකුරාදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70කි.

වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර වන පොල් ගෙඩියක රුපියල් 65ක මිලටත්, වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60 කටත් අලෙවි කළ යුතු වේ.

AI
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
image-6
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !