නවතම පුවත්

ලෝකෙටම එක කොරෝනා එන්නතක් හදන්න WHO රටවල් එක්කරයි

අසංක

අසංක

කොරෝනා වෛරසයට එරෙහිව වෙන වෙනම එන්නත් නිපදවීමේ යෙදී සිටින සියලු රටවල් එක්රැස් කොට තනි එන්නතක් නිපදවීම සඳහා යොමු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇත.

ඒ අනුව COVAX Facility නමින් , කොවිඩ් සඳහා එන්නත් නිපදවන බහුවිධ ආයතන සහ ආර්ථිකයන් එක්තැන් කිරීමේ වැඩසටහනද එම සංවිධානය මේ වනවිට ආරම්භ කර ඇත

මෙහි ප්‍රතිඵලය ලෙස නිපදවන්නට අපේක්ෂා කරන්නේ COVAX vaccine හෙවත් ‘කොවැක්ස් වැක්සීනය‘ නමැති තනි එන්නතකි.

ඒ යටතේ මේ වනවිට එම එන්නත නිපදවීමේ නිරත රටවල් 172 ක් සමග එක්ව තනි එන්නතක් කඩිනමින් නිෂ්පාදනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වී ඇත.

එහිදී මේ තාක් ලෝකයේ විවිධ රටවල් විසින් එන්නත් නිපදවීමේ පරිශ්‍රමයන්ගෙන් සොයාගත් තාක්ෂණයන් එක්තැන් කෙරෙනු ඇත.

තනි කොවිඩ් වැක්සිනයක් සඳහා ලෝකවාසී ජනතාවට සම ප්‍රවේශයක් ලබාදිය යුතු බව එම සංවිධානයේ අදහස වී ඇත.

එය කොවිඩ් ගෝලීය වසංගතයෙන් බේරීමට තිබෙන එකම ක්‍රමය බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.

මෙම පරිශ්‍රමය සාර්ථක වුවහොත් වසර 2021 අගභාගය වන විට සාර්ථක කොවිඩ් වැක්සිනයක් මුළු ලෝකයම සඳහා නිපදවීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂිත අතර , එයින් වැක්සින මාත්‍රා බිලියන 2 ක් ලොව පුරා බෙදා හැරීමට නියමිත ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා