හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කතෝලික විභාවනය සංවිධානය සූදානම් වෙයි.
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමේ දී යට ගොස් ඇතැයි කියන මූලික කාරණා සම්බන්ධයෙන් ජනාධිපති වරයාගේ පෞද්ගලික ලේකම්වරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගත් බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


