නවතම පුවත්

අද අධි වප් පුර පොහොයයි

අසංක

අසංක

අධි වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි. වප් යනු වැපිරීමයි.ඒ අනුව මේ වපුරා කපා පාගා ගොවියන් බුක්ති විඳින සමයයි.

අරිට්ඨ මහතෙරුන් ප‍්‍රධාන සංඝරත්නයේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිඨකය සංගායනා කළේ ද වප්පුර පසළොස්වක පොහෝදා ය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් ලංකාවේ භික්ෂුණි සසුන පිහිටුවීම සඳහා භික්ෂුන් වහන්සේලා පිරිසක් ලංකාවට වැඩම කර වීමට දූත පිරිසක් දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත් කර හැරියේ ද අදවන් වප් පුර පොහොය දිනකය.

අගසව් දෙනම අතරින් දකුණුත්සව් වැඩ සිටි සැරියුත් හිමියන් ප‍්‍රඥාලාභී භික්ෂූන් අතර අග‍්‍රස්ථානය ලැබීම අදවන් පෝය දින සිදු විය.

බුද්ධත්වයෙන් සත්වන වස තව්තිසා දෙව්ලොව වස් විසූ බුදුපියාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට (අභිධර්ම) විජම් බණ දේශනා කර රන් ඉනිමඟක් මතින් පෙළහර පා දඹදිව සංකස්ස පුරට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය. බුදුරදුන්ගේ මෙම දෙව්ලොව චාරිකාව පිළිබඳ විස්තරය දේවාවරෝහණ වර්ණනාවෙහි මෙසේ විස්තර වෙයි.

බුදුපියාණන් වහන්සේ පුන්සඳ මඬලක් සේ දිදුළමින් සවණක් ගන බුදු රැුස් මාලාවන් දස අත විහිදුවා ලූ සේක. මේ අසිරිමත් දසුනින් පළමුවරට ඔද වැඩුණු සැරියුත් තෙරණුවෝ සිරිපා කමල මත වැඳ වැටුණේ උතුරා යන බුද්ධාලම්භන පී‍්‍රතියෙනි. මෙහි දී රැුස් වූ දෙව් බඹුන් මිනිසුන් මධ්‍යයේ බුදු හිමියන් විමසූ ප‍්‍රශ්න රැුසකට පිළිතුරු දීමට සමත් වූ සැරියුත් හිමියෝ ප‍්‍රඥාවන්තයින් අතුරින් අග‍්‍ර වූයේ වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

සොලොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පසු මතු බුදුවන බව මෛත‍්‍රී බෝසතාණෝ මෙම ධර්ම සංවාදය ඇසීමෙන් අපමණ සතුටට පත් වී ගෞතම බුදු සසුනෙහි පැවිදි වූයේ වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

අරිට්ඨ මහතෙරුන් ප‍්‍රධාන සංඝරත්නයේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිඨකය සංගායනා කළේ ද වප්පුර පසළොස්වක පොහෝදා ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා