ලෝක ළමා දිනයේ හොඳම දේ දරුවන්ට දුන් අනඳ ගුරුවරු

Picture of අසංක

අසංක

ලෝක ළමා දිනය නිමිති කරගෙන දරුවන් වෙනුවෙන් විශේෂ උත්සවයක් සහ ඊට සමගාමීව වැඩසටහන් පෙළක් කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී ඊයේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

විද්‍යාලයේ ගුරු සුහද සංගමය විසින් සංවිධාන කරන ලද මෙම උත්සවයේ විශේෂත්වය වන්නේ එහි සියලුම කාර්යයන් මෙන්ම උත්සවයේ රංගන ගායන වාදන සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම් සියල්ලක් ද ගුරුවරුන් විසින් දරුවන් වෙනුවෙන් සිදු කිරීමයි.

අති සාර්ථක ලෙස පැවැත්වුණු මෙම උත්සවයේ සංවිධානයේ සිට අවස්ථා කිහිපයක සේයාරූ පහත දැක්වේ.