කොරෝනා වෛසරය වැළදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 64 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටී.
ජෝර්දානයේ ඇඟළුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා දිනයේද කොරෝනා ආසාදනය වී මියගිය බවත් එම ඇඟළුම් කම්හලේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් 350 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති අතර ඔවුන් මේ වනවිට මළ මුහුද ආශ්‍රිතව මධ්‍යස්ථානයක රඳවා ඇති බවත් කාර්යාංශය සඳහන් කර ඇත .
මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 2600 කට අධිකය
මෙම පිරිස සම්බන්ධයෙන් එක් එක් තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල විදේශ අවධානය යොමු කරමින් සිටින බවද කාර්යාංශය සඳහන් කර සිටී