රිෂාද් සොයුරා නිදහස් කර ඇත්තේ පොලිස් ලොක්කන්ටත් නොදන්වා බව හෙළිවෙයි

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රියාද් බදියුදීන් නමැති මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා නිදහස් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු ඉහළ බලධාරියකු දැනුවත් නොකර බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

රියාද් බදියුදීන් රඳවා ගැනීම පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා විසිනි.

මුලින් මාස තුනක් සඳහා ද දෙවනුව මාස තුනක් වශයෙන් ද රඳවා ගැනීමේ නියෝග ලේකම්වරයාගේ අත්සනින් අත්සනින් යුතුව නිකුත් කර තිබුණි.

අවසාන වරට ගත් රඳවා ගැනීමේ නියෝගය කල් ඉකුත් වීමට නියමිතව තිබී ඇත්තේ ඔක්තෝම්බර් 14 වැනිදාට ය.

ඒ අවසන් වීමටත් පෙර රඳවාගැනීමට අත්සන් තැබූ ආරක්ෂක අංශ ලේකම්වරයා හෝ දැනුවත් කිරීමකින් තොරව මෙම නිදහස් කිරීම කර ඇත.

වැඩ බලන පොලිස් පති වරයාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානය කළ විමර්ශණයකින් අනාවරණය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තනි තීන්දුවක් මත මෙම නිදහස් කිරීම කිරීමට සිදුව ඇති බවයි.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ ස්ථාන මාරුව, ආන්දෝලනයට ලක්වූ රියාද් බදියුදීන් මහතා නිදහස් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේය.