පෞරාණික නිල් මැණික මගින් නිර්මාණය කරන ලද අඟල් දෙකක් තරම් වූ බුදු පිළිමයක් රුපියල් කෝටි 600කට විකිණීමට සූදානම් කර තිබියදී මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ සැකකරුවන් 4 දෙනෙකු සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 20 26 30 40 වයස්වල පසුවන පුද්ගලයෝ වෙති.
ඔවුන් රඹෑව, අනුරාධපුරය, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .