මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන්ට හා පවුල් වලට රජයෙන් දැනුම් දීමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි.

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනවය වි ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධානය මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන බවත් ඒ සඳහා සූදානම් විය යුතු බව රජය දැනුම් දෙයි.

මීට අදාළ උපදෙස් ඉදිරියේදී අදාළ පවුල්වලට ලබාදෙන බවත් රජය වැඩිදුරටත් නිවේදනය කරයි