එක්සත් රාජධානියේ අද දිනය තුළ පමණක් නව රෝගීන් 12,594 ක් සමග මරණ 19 ක් වාර්තා වී ඇත.
මේ අනුව මේ වන විට එක්සත් රාජධානිය තුළ කොවිඩ් ආසාදිතයන් ගේ සංඛ්‍යාව 515,571 ක් වන අතර, මරණ ගණන 42,39 ක් ලෙස ඉහළ ගොස් ඇත .
තාක්ෂණික දෝෂයක් (technical glitch) හේතුවෙන් නිල වාර්තාවලට එක් නොවූ රෝගීන් 15,841 ක් ද මේ වන විට එක්සත් රාජධානියේ නිවැරදි කොවිඩ් චිත්‍රයට ඇතුළත් කර තිබේ.
සැප්තැම්බර් 25 සහ ඔක්තෝබර් 2 වැනිදා අතර කාලය තුළ පළ කළ කොවිඩ් තත්ව වාර්තාවන් මේ අනුව නිවැරදි කිරීමට සිදු විය.