මිනුවන්ගොඩ කොරෝනා පොකුර ඇතිවීමට හේතුව පිළිබඳ බුද්ධි අංශ විසින් මේ වන විට සිදුකරන විමර්ශනයේ දී අනුමාන දෙකකට එළඹී තිබේ.
ඉන් එකක් වන්නේ ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයක් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමීම නිසා එහි රෙදිපිළි ආදී අමුද්‍රව්‍ය තොගයක් මෙරට මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට එවා තිබීම නිසා එමගින් කොරෝනා වෛරසය පැමිණියේද යන්න පිළිබඳ අනුමානයයි.
අනෙක් කරුණ වන්නේ පොළොන්නරුවේ සිට මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව වෙත පැමිණෙන පුද්ගලයෙකුද කොරොන ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු විදේශගතව සිට මෙහි පැමිණ නිරෝදායනය අවසන් කොට සිටි පුද්ගලයෙක් වන නමුත් ඔහුගේ සිරුරේ වෛරසය තිබී මතුවීම නිසා මෙම කොරොන පොකුර හටගැනීමේ මූලාශ්‍රය වූයේ ද යන්න ය.
බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරන්නේ පොලොන්නරුවේ පුද්ගලයාගෙන් පොකුර ඇතිවෙන්නට ඇති බවට පවතින අනුමානය ඉතාම සුළු වශයෙන් අනුමාන කළ හැකි කරුණක් පමණක් බවයි.
කෙසේවෙතත් වත්මන් කොරෝනා පොකුරට අදාළව දිවුලපිටියේ මුලින්ම හමුවූ කාන්තාවගෙන් මෙම මූලාශ්‍රය හටගත් හටගත් බවට වන සැකය මුළුමනින්ම මේ වන විට බැහැර වී ඇති බවද එම තොරතුරු අනාවරණය කළේය.
තවදුරටත් මෙම කොරෝනා පොකුර ඇතිවීමේ මූලාශ්‍රය සොයා බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.