නවතම පුවත්

ගෝලීයව විශිෂ්ටතම ව්‍යාපෘතියට හිමි සම්මානය කොළඹ වරාය නගරයට

අසංක

අසංක

ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ප්‍රවෘත්ති සඟරාවක් වන Engineering News-Record (ENR) මගින් 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘති තරගයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘතියට හිමි සම්මානය දිනාගැනීමට සමත් වි ඇත.

මෙහිදී ලොකයේ මහාද්වීප 6 ක රටවල් 21 ක් නියෝජනය කරමින් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ව්‍යාපෘති 30 අභිබවමින් ප්‍රමුඛම ස්ථානය දිනාගැනීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමත් වීම කැපී පෙනෙයි. මෙයට අමතරව නේවාසික/ආගන්තුක සත්කාර, මාර්ග/අධිවේගී මාර්ග, බලශක්ති/කාර්මික යනාදිය ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන්ද ඇගයීම් තක්සේරු කාර්යයකට ලක් විය.

මෑතකාලීනව ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය ව්‍යාපෘතියක් ලබාගත් ඉහළම ගෝලීය ඇගයීම මෙය වන අතර, පවත්නා තත්ත්වය හමුවේ මෙම වසරේ සම්මාන උළෙල අන්තර්ජාලය ඔස්සේ සැප්තැම්බර් මස 17 වන දින පැවැත්වීය. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් ආරම්භ කොට වසර 6 ක් සම්පූර්ණවීමේ සංවත්සරය යෙදී තිබූ දිනයේදීම විශිෂ්ඨතම ගෝලීය ව්‍යාපෘතිය ලෙස සම්මානයට පාත්‍රවීම සුවිශේෂී අවස්ථාවකි.

මෙමගින් ගෝලීය හොඳම ව්‍යාපෘති හඳුනා ගැනීම සහ පසුගිය වසර තුළ සැලසුම් සහ ඉදිකිරීම් කාර්යයන් පිටුපස සිටින කණ්ඩායම් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීම් කාර්යයට ලක් කරනා අතර, එහි එක් රීතියක් වන්නේ අදාළ ව්‍යාපෘතියේ අවම වශයෙන් එක් සමාගමක් වත් එහි මව් සමාගමෙන් පිටත රටක් නියෝජනය විය යුතුය යන්නයි.

තවද 2019 ජනවාරි සිට 2020 අප්‍රේල් දක්වා කාලය තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු බවට වූ කොන්දේසියට අනුකූලව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර එහි ඉදිකිරීම් සමාගම වන සී/ස චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින් මෙම තරඟයට ඉදිරිපත් කර තිබුණි.

මෙම තරගය සංවිධාන කල Engineering News-Record (ENR) සඟරාව ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ මාධ්‍ය ජාලයක් වන අතර තරඟය ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර සංවිධාන වල නියෝජිත විනිශ්චය මණ්ඩලයකගේ ස්වාධීන අධීක්ෂණයට ලක් විය.

මෙම අධීක්‍ෂණ කාර්යයේදී ආරක්‍ෂිත කාර්ය සාධනය, නවෝත්පාදන, අභියෝග සහ සැලසුම් සහ ඉදිකිරීම් කාර්යයේ ගුණාත්මක බව මෙන්ම ගෝලීය ව්‍යාපෘති කණ්ඩායම් වල විවිධත්වය සහ ඔවුනගේ සහයෝගීතාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබූ අතර, මෙම ව්‍යාපෘතිය මගින් දේශීය ප්‍රජාවට සහ / හෝ දේශීය ඉදිකිරීම් කර්මාන්තයට ලබාදෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද විනිසුරුවරුන්ගේ අවධානය යොමු විය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා