නවතම පුවත්

කොරෝනා යළි ඒම නිසා පෞද්ගලික අංශ ගිවිසුම ආයෙත්

අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තියට අදාළ වත්මන් තත්වය තුළ එම වෛරස ව්‍යාප්තියේ ආරම්භක අවධියේ හාම්පුතුන්, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යංශය අත්සන් කළ ත්‍රෛපාක්ෂික ගිවිසුම නැවත බලාත්මක කිරීම පිළිබඳව කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

ඒම ගිවිසුම තුළින් කර්මාන්ත ශාලා වැසී ගිය කාලය තුළ හාම්පුතුන් විසින් නිවෙස්වල සිටි සේවකයන්ට අඩ වැටුප් ගෙවන ලද , අතර පසුව සේවකයන්ට සිය රැකියා ලබාදීම සිදු කරන ලදි. කෙසේ වෙතත් එම ගිවිසුම පසුගිය සැප්තැම්බර් 30 දින අවසන් විය.

දනට ප්‍රදේශ කිහිපයක කර්මාන්ත ශාලා කිහිපයක කෝවිඩ් 19 ව්‍යසනය පැතිර යාමත් සමග ඇති වී තිබෙන තත්වය සමාලෝචනය කරමින් මෙම ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා , ඒ පිළිබඳව කම්කරු අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකදී සඳහන් කළේය.

ඒහි දි කම්කරු සමිති නියෝජිතයන් කියා සිටියේ , පවතින තත්වය තුළ මෙම ගිවිසුම තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයට දීර්ඝ කිරීම සධාරණ බවත්, ඇගළුම් සහ අනෙකුත් ක්ෂේත්‍රයන්ට දීර්ඝ කිරීමට තමන් ඒකග නොවන බවය.

සංචාරක නොවන අනෙකුත් ක්ෂේත්‍රයන්ට ඒම සහනය දීර්ඝ කළ යුත්තේ ඒ ඒ කම්හල්, ආයතන,වැඩබිම්වල තිබෙන බිම් මට්ටමේ තත්වයන් පිළිබදව ඒ ඒ ආයතන ඉල්ලීමක් කරනු ලබන අවස්ථාවක දි පමණක් ,ඒම ඉල්ලීමේ සදහන් කරුණු පිළිබද කම්කරු දෙපාර්තමේන්තුව විසින් පරික්ෂා කර බලා, ඒම ඉල්ලීම සධාරණ යැයි සෑහීමකට පත්විය හැකි නම් යම් සාධාරණයක් ඉටු කිරීමට තමන් ඒකග බව කම්කරු සමිති නියෝජිතයන් මෙහිදි කියා සිටියහ.

හාම්පුතුන්ට ඒවැනි ඉල්ලීම් ඇත් නම් ඒවා නොපමාව කම්කරු කොමසාරිස් වෙත ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා මෙහිදි පැවසීය. කම්කරු කොමසාරිස් සහ ආයෝජන මංඩලයේ නියෝජිතයෙකු ඒම ඉල්ලීම් පරික්ෂා කර බලා තීරණයක් ලබාදිය යුතු බව ඇමතිවරයා මෙහිදි උපදෙස් දුන්නේය.

වත්මන් ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කර්මාන්ත ශාලා 150 ආසන්න සංඛ්‍යාවක සේවා අඩපණ වී ඇති බව සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පැවසූ අතර, ඔහු ඉදිරිපත් කළ අදාල කර්මාන්ත ශාලා ලේඛණය පිළිබද ඉක්මනින් පරික්ෂා කර බලා නිරීක්ෂණ ලබා දෙන ලෙස කම්කරු කොමසාරිස්ට නියෝග කළ අතර වෘත්තීය සමිති නියෝජිතයන්ට ද ඒ පිළිබද සිය කරුණු ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටියේය .මෙම වාර්තා ලබන සදුදා (12) තමන්ට ලබාදෙන ලෙසත් ,ඒම වාර්තා ලැබීමෙන් පසු, දෙපාර්ශවය සමග සාකච්ඡා කිරීමෙන් පසු , අඩ වැටුප් ගෙවීමට අදාල ගිවිසුම පිළිබද තීරණය කරනු ලබන බව ඇමතිවරයා පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා