මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 125 ට ආසන්න පිරිසක් මෙතෙක් සෞඛ්‍ය අංශ හමුවට ඉදිරිපත් වී නොමැති බව අද (8) පෙරවරු වනවිට වාර්තා වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මොවුන් තවදුරටත් ගම්වල රැඳී සිටින්නේ නම් මොහු සෙවීමට හමුදා බුද්ධි අංශ යොදවා ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය ජාතික ප්‍රශ්නයක් ලෙස සළකා ලබා දී ඇති නියෝග අනුව පොලිසිය හමුවට ඉදිරිපත් වන ලෙසට හමුදාපතිවරයා ඉල්ලා සිටී.
සෞඛ්‍ය බලධාරීන් හමුවට මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ සේවික සේවිකාවන් හා ඔවුන්ගේ ආශි‍්‍රතයන් හට 0113456548 දරණ දුරකතන අංක ඔස්සේ තොරතුරු ලබා දෙන හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.