මාස 2කින් අමෙරිකානුවන් 20000ක් මියයනු ඇති බවට අනතුරු ඇඟවීමක්

Picture of අසංක

අසංක

කොරෝනා වෛරස රෝගය හේතුවෙන් ලබන නොවැම්බර් මාසය ආරම්භ වන විට තවත් ඇමරිකානුවන් 20,000 ක් පමණ මියයනු ඇති බවට ඇමරිකානු රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා සිටී.

තවමත් එරට කොරෝනා ව්‍යාප්තිය පාලනය වී නොමැති බවත් මෙම තත්වය ඉදිරියටත් පැවතියහොත් වසර අවසානයේ තවත් 50000 කට අධික පිරිසක් මෙම රෝගයෙන් මියයනු ඇති බවටත් එම මධ්‍යස්ථානය පෙන්වාදී ඇත

මේ වන විට ඇමරිකානුවන් 214,370 ක් දෙනා කොරෝනා රෝගය නිසා මියගොස් ඇති අතර, මිලියන 7.7 දෙනා ආසාදියන් බවට පත් ව තිබේ.

මේ අනුව ලෝකයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි.