සැප්තැම්බර් මස 30වැනිදායින් පසු කල් පිරී ඇති රියැදුරු බලපත්‍ර සඳහා නව බලපත්‍ර ලබා ගැනීමට සහන කාලයක් ලබා දීමට රජය සැලසුම් කර ඇත
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් චන්දන මහතා පැවසුවේ, කඩිනමින් අදාළ සහන කාලය ප්‍රකාශයට පත් කරන බවය
සැප්තැම්බර් 30 ට පෙර කල් පිරුණු රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට මාස තුනක සහන කාලයක් ක්‍රියාවට නංවා ඇතැයි ද ඔහු මාධ්‍ය වෙත පෙන්වා දුන්නේය.
මේ අතර, රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහාවන ප්‍රායෝගික පරීක්ෂණ පවතින තත්ත්වයන් අනුව, සිදු කිරීමට තීරණය කර තිබේ.