බිරිඳ බයකරන්න කඩුවෙල මහේස්ත්‍රාත්ගේ නිවසට බෝම්බ ගැසූ සැකකරුවන් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතාගේ නිවසට පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 2නෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඒ පිළිබඳව කරන ලද විමර්ශනයකදීය.

පසුගිය සැප්තැම්බරයේ දී මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි.

මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති හේතුව ද අනාවරණය කරගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට හැකිවී තිබේ.

වැඩබලන මහේස්ත්‍රාත් වරයාගේ බිරිඳ ඉඩම් කොමිසමේ නීති නිලධාරිනියක ලෙස කටයුතු කරයි.

මෙම බෝම්බ ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ උදය ශාන්ත නම් වන සැකකරුවෙකි.

එම සැකකරුගේ ඉඩමක් සම්බන්ධයෙන් වන නඩුවක් පවතින අතර එම නඩුව වෙනුවෙන් සැකකරුට එරෙහි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳයි.

ඇය බිය ගැන්වීම උදෙසා මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරවීමට සැකකරු වෙනත් අයෙකුට භාරදී තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට භාර දී ඇත්තේ ඉඩම හිමි සැකකරුගේ ඉඩම රැකබලාගන්නා තැනැත්තා ය.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.