මෙරට ලක්ෂ බාගයක් නිරෝධායනය අවසන්

Picture of අසංක

අසංක

කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිරෝධායනය වූ පුදගලයන් 52612ක් මේ වනවිට නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එමෙන් ම අද (15) වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 88ක පුද්ගලයෝ 9703ක් නිරෝධායනය වෙමින් සිටිති.

අද (15) දින තම නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 254ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතය.

තවද අද උදෑසන දෝහා කටාර් සිට පැමිණි පුද්ගලයන් 34ක් යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථන වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.