මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අමතර රෝහල් 10 ක් සූදානම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී.
එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, දැනට රෝහල් 14 ක 2400 ඉක්ම වූ අඳන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති බවය.
ඊට අමතරව දැඩි සත්කාර එක්කවල ඇඳන් 146 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති බව ද ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් හමු වූ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මේ දක්වා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය ,