සේවා ප්‍රවීනයන්ගෙන් තවදුරටත් රටට සේවය ලබාගැනීමේ අරමුණින් මෙරට පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස හැට (60) දක්වා ඉහල දැමීම කෙරෙහි කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් ඉහල යමින්,තරුණ ප්‍රතිශතය පහළ යන බැවින් අනාගත ශ්‍රම බලකායේ විශාල රික්තයක් ඇති විය හැකි බවත් ඒ අනුව විශ්‍රාම ගැන්වීමේ වයස ඉහල දැමීම වැදගත් වන බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ කම්කරු උපදේශක සභාවේ පැවති රැස්වීමකදී සඳහන් කර ඇත.
කම්කරු උපදේශක සභාවේ ඉදිරිපත් වූ මේ පිළිබඳව ඉදිරිපත් වූ යෝජනාවට සේව්‍ය සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ එකඟතාවය පලවී ඇත.
මේ පිළිබඳ අවසන් තීරණය මීලඟ කම්කරු උපදේශක සභාවේ දි ප්‍රකාශයට පත් කරන බව ද ඉන්පසු ඊට අදාල නෛතික ප්‍රතිපාදන සකස් කරන බව අමාත්‍යවරයා මෙහි දි ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ,කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ද එක් වූහ.