ශ්‍රී ලංකාව තුළ මේ දක්වා සිදුකර ඇති පී සී ආර් (PCR) පරීක්ෂණ ප්‍රමාණය 350,000 ඉක්මවා ඇත.
රජයේ නිළ වාර්තාවලට අනුව මෙතෙක් සිදුකර ඇති සමස්ත පරීක්ෂණ ප්‍රමාණය 357,698 කි.
ඊයේ (14) දිනයේදී පමණක් පරීක්ෂණ 8789 ක් සිදුකර ඇති අතර එය මේ දක්වා එක් දිනක් තුළ සිදුකළ වැඩිම පරීක්ෂණ ප්‍රමාණය ද වේ.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව වර්ධනය වූ කොවිඩ් 19 පොකුර හේතුවෙන් දෛනික පීසීආර් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉහළ දැමීමට සිදු වූ අතර මේ වනවිට සෞඛ්‍ය බළධාරීන් උපරිම ධාරිතාවයෙන් දෛනිකව පරීක්ෂණ සිදු කරන බවද අමාත්‍යංශය සඳහන් කර ඇත .