කොරෝනා මඬින එන්නතක් අමෙරිකාවෙන්

Picture of අසංක

අසංක

කොරෝනා මර්ධනයට සමත් සාර්ථක එන්නතක් ලබන නොවැම්බර් මස අග භාගයේදී හඳුන්වාදීමට හැකි වනු ඇති බව ඇමෙරිකාවේ ෆයිසර් ඉන්කෝපරේෂන් ආයතනය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ජර්මානු හවුල්කරුවෙකු වන බයෝ එන්ටෙක්ට් ආයතනය සමග මෙම එන්නත නිපදවා ඇති බවත් එන්නතේ සාර්ථක භාවය ගැන සෑහීමකට පත්වන බවත් ෆයිසර් ඉන්කෝපරේෂන් ආයතනය මාධ්‍ය වෙත මෙහිදී සඳහන් කර ඇත.

මෙම නව එන්නත හදුන්වා දීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 03වන සතියේදී වන අතර අත්හදා බැලීමක් ලෙස පුද්ගලයින් 40,000කට මාසයක් ඇතුළත එම එන්නත ලබා දීමට සැලසුම් කර ඇත.