නවසීලන්තයේ අද දින පැවැත්වූ මහමැතිවරණයෙන් අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන ඇත.
ආර්ඩෙන්ගේ ලේබර් පක්ෂය, රට තුළ කෝවිඩ්-19 වසංගතය සාර්ථක ලෙස මර්දනය කිරීමට පසුගිය කාලයේ සිදුකළ ප්‍රශංසනීය වැඩපිළිවෙළ මෙයට හේතු වූ බව විචාරකයන්ගේ මතය වී ඇත.
ආර්ඩෙන් මහත්මියගේ පක්‍ෂය ශක්තිමත් බහුතරයක් මේ වනවිටත් දිනාගෙන ඇති අතර ඇයගේ ප්‍රතිවාදියා වූ විපක්ෂ නායිකා ජූඩිත් කොලින්ස් ගේ ජාතික පක්ෂ අද දහවල් වනවිටම පරාජය පිළිගනිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ .
‘‘නවසීලන්තය යථා තත්වයට පත් කළ හැකි බවට මා ගැන විශ්වාසය තැබූ අයට ස්තූතියි..‘‘ යනුවෙන් නවසීලන්ත අගමැතිනිය සිය ජයග්‍රහණය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත .