ගෙවුණු දින තුළ ලෝකයේ කොරෝනා රෝගීන් ලක්ෂ 4 පන්නයි

Picture of අසංක

අසංක

ලොව පුරා දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ගෙවුණු පැය විසිහතර තුල පළමුවරට හාරලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇත.

කොරොනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ මේ දක්වා කාලය තුළ පැය 24කදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන මෙය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත

යුරෝපා රටවල නැවත වරක් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම දක්නට ලැබෙන අතර පසුගිය සතිය තුළ යුරෝපයේ දිනක දී වාර්තා වූ ආසාදිතයින්ගේ සාමාන්‍ය එක්ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවද විදෙස් වාර්තාවල සදහන්වේ.

ලොවපුරා වාර්තා වන ආසාදිතයින් සිය දෙනෙකුගෙන් 34 දෙනෙකුම යුරෝපා රටවලින් වාර්තා වීමද විශේෂත්වයක්වේ.

මේ හේතුවෙන් යුරෝපා රටවල් රැසක් ලිහිල කර තිබූ සීමා රැසක් යලි දැඩි කර තිබෙන අතර ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බ‍්‍රසීලයෙන්ද කොරෝනා රෝගීන් වාර්තා වීම ඉකුත් සතියේදී වැඩිවී ඇති බවද දැනගන්නට ඇත.