කොවිඩ් ණය සඳහා බිලියන 178ක්

Picture of අසංක

අසංක

Covid-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර වෙනුවෙන් වන විශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට අයැදුම්පත් 61,907 ක් සඳහා රුපියල් බිලියන 178 ක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව දැනට 45,582 ක් වන බවද නිවේදනයේ දැක්වේ .

, පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150 සීමාව පිළිබඳ නොසලකා අයැඳුම්පත් භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කළ බවද එහි දැක්වේ .

පීඩාවට පත්වූ පත් වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබු සියලුම අයැදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන සැලසෙනු ඇත

ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල මස 01වැනි දින ක්‍රියාත්මක කෙරුණු අතර දෙවන හා තුන්වන අදියර දෙකම 2020 ජුලි මස 01 වැනි සිට බලාත්මක වන පරිදි හඳුන්වා දී ඇති බව මහ බැංකුව සඳහන් කර සිටී .එහි වාර්ෂික පොලී අනුපාතය 4 % කි