දිනකට PCR පරීක්ෂණ දස දහසේ සීමාවට ශ්‍රී ලංකාව මේ වනවිට ළඟාවී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනාවරණය කර සිටී .
ඒ අනුව ඊයේ දිනයේදී පමණක් PCR පරීක්ෂණ නවදහස් අටසිය ගණනක් සිදුකර තිබූ බවද හේරත් මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය
ව රට තුළ Covid 19 වෛරසය ආසාදනය වූවන් හඹා ගොස් ඔවුන් හඳුනා ගැනීමේ කටයුතු වල සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අතර ඉදිරි දිනවලදී දිනකට සිදුකරන PCR පරීක්ෂණ තවදුරටත් වැඩිකිරීමට හැකිවනු ඇති බවද හේරත් මහතා කියා සිටියේය.
දිවයිනේ විවිධ ස්ථානවලින් මේ වන විට රෝගීන් හඳුනා ගනිමින් සිටියද වෛරසයේ පැතිරීම පාලනය කර තිබෙන බවත් ඇතැම් ප්‍රදේශවලට සංචරණ සීමා පනවමින් සමස්ත ප්‍රදේශයේම ජනතාව ආවරණය කරගැනීමට කටයුතු යොදමින් පවතින බවත් ඔහු මෙහිදී පැවසීය