පොලිතීන් තහනමට සැෂේ පැකට් එකත්

Picture of අසංක

අසංක

තවත් ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන කිහිපයක් ලබන ජනවාරි 01 වැනිදා සිට තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව ප්ලාස්ටික් ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හා කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් තහනම් කෙරෙනු ඇති අතර පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාවකට අනුව මෙය ක්‍රියාත්මකවේ.

එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව රජය සඳහන් කර සිටී.

මීට අමතරව මිලිලීටර් 20 හා ග්‍රෑම් 20 ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත ශැෂේ ඇසුරුම් ද තහනම් කෙරෙන අතර එම තහනම ආහාර හා ඖෂධ සඳහා බල නොපාන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඊට විකල්පයක් ලෙස මිලිලීටර් 100 හා ග්‍රැම් 100 ට වැඩි ඇසුරුම් ඒ සදහා භාවිත කළ හැක.

මීට අමතරව බැලුම්, බෝල වර්ග හා දියමත පාවෙන සෙල්ලම්බඩු හැර ප්ලාස්ටික්වලින් නිපදවන හුළං පුරවන ලද සෙල්ලම් බඩු ද ලබන ජනවාරි ප01 වැනිදා සිට තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.

සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය හැර ප්ලාස්ටික් කොට්න් බට්න්ද තහනම් කෙරෙන ප්ලාස්ටික් නිෂ්පාදන අතර වෙයි.

සියලු ප්ලාස්ටික් නිෂ්පාදනයන්හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික් හඳුනා ගැනීම සඳහා වන කේත සඳහන් කිරීම ද කැබිනට් මණ්ඩලය ගත් තීරණ අනුව තහනම් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.