නවතම පුවත්

ජානක ප‍්‍රියන්ත බණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු ලේකම්ධුරයට

අසංක

අසංක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක ප‍්‍රියන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.

සබරගමුව හිටපු ආණ්ඩුකාර මොහාන් සාලිය එල්ලාවල මහතාගේ අභාවයෙන් පසු එම ධූරයේ කටයුතු කළ ජානක බණ්ඩාර මහතා සබරගමුව පළාතේ 7 වැනි ආණ්ඩුකාරවරයා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඒ මහතා 2006 – 2008 වසර දක්වා මෙරට මහාභාරකාරවරයා ලෙස කටයුතු කළේය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස ද ජානක බණ්ඩාර මහතා 2008 වසරේ පත්විය.

1968 පෙබරවාරි 1 වන දින උපත ලැබූ ඒ මහතා මණ්ඩාඩුව මැදමුලන මහ විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

1995 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස සිය වෘත්තීය කටයුතු අරඹා වසර 7 ක පමණ කාලයක් ඇඹිලිපිටිය අධිකරණයේ සේවය කර ඇත.

2002 වසරේ සිට මහේස්ත‍්‍රාත්වරයෙක් ලෙස මෙන්ම අතිරේක දිසා විනිසුරුවරයෙක් වශයෙන් කොළඹ, පැල්මඩුල්ල , රක්වාන , බිබිල , වැල්ලවාය යන අධිකරණවල ඔහු සේවය කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි