ද්විත්ව පුරවැසභාවය වගන්තියට පාර්ලිමේන්තුවේ 157ක් කැමතියි

Picture of අසංක

අසංක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසිවෙනි සංශෝධනයේ 17 වගන්තිය වන ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය සම්මත කර ගැනීම සඳහා කාරක සභා අවස්ථාවේ පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද එකසිය පනස් හතක් ලැබී තිබේ.

ඊට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද හැට හතරක් පමණි.

ද්විත්ව පුරවැසි භාවය හා ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ සලසාදීම 17 වැනි වගන්තියෙන් දක්වා තිබේ.